Monday, January 10, 2011
රෑ බස් එකේ ගමන ...
එදා ඉදලම හින් කොල්ලා ගමේ යන්නේ මහා රෑය රෑ කියන්නේ එසේ මෙසේ රෑ නොව යක්කු ගස් නගින වේලාවේය . මේ වෙලාවට වෙන මොනවටදෝ බස් වල යන අය හීන් කොල්ලා දැක ඇත ඒ අයියලා , මාමලා දැක්ක ගමන් අදුන ගන්නට තරම් පුදුම හැකියාවක් දැන් හීන් කොල්ලාට ඇත.32 සහ 98 යන නම්බර් ඇති බස් වල අව්රුදු 4-5 ගමන් කිරීමෙන් මෙම අපුරු හැකියාව ඔහුට ලැබෙන්නට ඇත.98 බස් පෝලිම හරිම පුදුම තැනකි ඒ පෝලිමේ ඉන්නා අයියලා අක්කලා සදහටම පොලිමේය බස් එකට නැගීමට නම් ඔරිජිනල් පෝලිමෙන් ටිකක් එලියට ඇවිත් හොර පෝලිමට සෙට් විය යුතුය.මේහි සිටින අයියලා හරි අමාරු කාරයෝය බස් එක දකින විට මස් කෑල්ලට වට වන කපුටන් මෙන් එයට පොරකන අතර එම හැකියාව ඒ අයියලාට ලේ උරුමයෙන් ලැබුනා එකක් දෝ යයි හීන් කොල්ලාට සිතුන වාර අනන්තය. සාදාරන පෝලිමේ අයියලා බලන් සිටියදී හොර පෝලිමේ සිටි අයියලා බසයට ගොඩවී නිදියන විදිය බලන්නත් අපුරුය යාබද අසනයටද බග් එකක් දාගන සිටින්නේ කවෘන්හෝ ගැණු පරානයක් සදහා බව හීන් කොල්ලා හොදටම දනී.ලග ගැණු පරානයක් සෙට් උනොත් අර අයියා නිදියන්නේ නැත ඒ අයියා නිතරම බලන්නේ අනෙක් අය නිදිද කියාය ඒ හැමෝගෙම ආරක්ෂාවට වන්නට ඇත.මේ බස් වල කොන්දොස්තර මම ලාද ලස්සන අක්කලට දෙන්නට වෙනම ආසන වෙන්කරගන ඉන්නවාය බැරිවෙලාවත් අක්කලා අඩු උනොත් මල්ලි මෙතනින් වැඩි වෙන්න කියන්නේ තරහෙන් වගේය ඒ මොකදැයි හීන් කොල්ලාට තේරෙන්නේ නැත.පාන්දර 3-4 වන විට බස් එක ඇතුලේ සතර පෙරනිමිති වලින් එකක් දකින්නට ඇහැකිය.බස් කතා ගැන විතරක් කියන්නට ගියොත් හීන් කොල්ලාට වෙන දෙයක් කියන්න වෙන්නේ නැත මේක කියවන නන්න්දල මාමලට එපා වෙනවා ඇත . ඒ නිසා හීන් කොල්ලා මේක මෙතනින් නවත්වමි .
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment