Monday, January 10, 2011

ඇගේ පතේ අමාරුව

දැන් පාරවල් අයිනේ ගොඩක් වෙළද වියාපාර ඇත අම්ම තාත්ත ඇරුනාම වෙන ඕන දෙයක් මේවගේ තියනවායි කව්දෝ මාමා කෙනෙක් කියනවා හීන් කොල්ලා අසා ඇත. මේවා අතර ආයුර්වේදඅත පය තවන ආයතන එම ගානටය. බලාගන ගියාම ලංකාවේ ඉන්නා අයියලා,මාමලා   ඔක්කොටොම මෙතරම් කොන්දේ අමාරු අගේ පතේ අමාරු හැදෙන්නේ මක්ක වෙලාදැයි හීන් කොල්ලාට තේරෙන්නේ නැත.කොහොම නමුත් ඇගේ පතේ තෙල් ඩිංගක් ගාගන්න කෙනක් නැති කාලයේ මේ වයේ ඉන්නා අය රටම සේවයක් කරනවයි හීන් කොල්ලාට සිතේ. අනේ ඒ උනත් මේ ආයතන වල වැඩ කරන අක්කලට මේ තරම් ජරා කතා කියන්නේ ඒ අක්කලා ගැන ඉරිසියාවට වන්නට ඇත.ඕවගේ ඉන්නේ වේ____ යෝයි කියලා කව්දෝ මාමා  කෙනෙක්  කියනවා  හීන් කොල්ලාට ඇසී ඇත. ඉදලා හිටලා දවසක පත්තර කැල්ලක් බලු වෙලාවේ අත පය තවන
ආයතන ගැන තියන ඇඩ්  හීන් කොල්ලා දැක ඇත  මේවා දැක්ක ගමන් අදුන එළකිරි  පොට් කියන්න  ඇහැකි   කව්දෝ මාමා කෙනෙක් කියනවා හීන් කොල්ලා අසා ඇත අදුන ගන්නේමොනවාදැයි හරියටම හොයා ගන්නට හීන් කොල්ලා ටිකක් ඒ කතාවට   කන දමාගන සිටියාය .ඒ මාමා කිව්වේ මේ වගේ කතාවක්ය ඒ කතාව හීන් කොල්ලාට තේරුනේ නැති නිසා එක ඇහුන විදියටම එදිරිපත් කොරමි .
මාමා A  - මචන් මම කෝල් එකක් දැම්ම පැයට 1000 යි එක්ස්ට්‍රා ඒවාට 500 ක් ඕන කිව්වා අලුත් කලි ටිකක් ලු ඉන්නේ
මාමා B  - ඔව් බන් ඒ උනාට සිකුරිටි එක කොහොමද දන්නේ නැනේ .
එක්ස්ට්‍රා කරන්නේ මොනවාදැයි හීන් කොල්ලාට තේරෙන්නේ නැත මාමලා ඇගපත තවා ගන්නේ අක්කලාට කියා විය යුතුය කැලි කියන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය සිකුරිටි එකක් ඕන මක්කට දැයි ද  හීන් කොල්ලාට තේරෙන්නේ නැත ගෙදර ඉන්නා කාලයේ සීයාගේ ඇගේ පතේ හීන් කොල්ලද තෙල්  ගා   ඇත එත් එක  මේ තරම් සිකුරිටියක් රහස් වැඩක් සහ සල්ලි ගොඩක් අතට එන වැඩක් බව හීනෙකින්  වත් හිතලා  නැත.සමහර විට මේ පැත්තේ තෙල් බෙහෙත් ගණන් විය යුතුය. ඇගේ පතේ අමාරු ගොඩක් ම ඇත්තේ ගමේ ගොඩේ කුබුරු කොටන මාමලටය ඒ නිසා මේවා ගමේ ගොඩේ තියෙන්න ඕන එවයි හීන් කොල්ලාට හිතේ . ඇමති මාමලා මේ ගැන අවදානය යොමු කර මේවා ගමටද ගෙන ගියොත් හොදය මොකද මේ වගෙන් ගොඩාක් ඒවා ඇමති මාමා ලගේ යයි කතා වෙනවා හීන් කොල්ලාට ඇසී ඇත. 

No comments:

Post a Comment